Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව අපගේ විස්තර
අපේ විස්තර
පසුබිම
කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය 1968 දී 1968 අංක 15 දරන පනතින් පිහිටුවන ලදී. මෙය පිහිටුවීමේ පරමාර්ථ දෙකක් විය.
1. 1968 අංක 15 දරන පනතේ 2 වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද වගුරු බිම් සහ පහත් බිම් ගොඩකිරීම සහ සංවර්ධනය කිරීම.
2. එසේ පවරනු ලබන ඉඩම් වල භාරකාරත්වය , කළමනාකරණය සහ පාලනය භාරව සිටීම.
මෙම පනත 1976 අංක 27 දරන පනතින් සංශෝධනය කරන ලදුව එසේ ගොඩකරන ලද ඉඩම් විකිණීමේ බලය පැවරීමෙන් මෙම ආයතනයේ තත්ත්වය එමගින් ශක්තිමත් කරන ලදී.
ආරම්භයේ සිට මෙම ආයතනයේ කටයුතු කොළඹ දිස්ත්‍රික්කයට සීමා වී තිබුණු අතර 1979 දී, සැලසුම් කොට ඉඩම් ගොඩ කිරීමේ ප්‍රතිලාභ කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටට ද මුළු දිවයිනටම බලපාන සේ දීර්ඝ කරන ලදී.
1968 අංක 15 දරන කොළඹ දිස්ත්‍රික්කයේ (පහත් බිම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත සංශෝධනය කළ 1982 අංක 52 දුරන පනත අනුව මෙම ආයතනය ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව යනුවෙන් නැවත නම් කොට එහි විෂය සීමාව ද ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉදි කිරීම් වැඩ සහ උපදේශක සේවා ද ඇතුළත් වන සේ දීර්ඝ කරන ලදී.
2006 අංක 35 දරන පනතින් මෑත දී කරන ලද සංශෝධනයට අනුව, අනවසරයෙන් කරන ඉඩම් ගොඩකිරීමේ කටයුතු වලට සහ ජලාශ දූෂණය කිරීම් වලට විරුද්ධව නඩු පැවරීමේ බලය ද මෙම ආයතනය සතු වේ. දඩුවම් නියම කිරීමේ විධිවිධාන 20C සහ 22A වගන්ති යටතේ දැක්වේ.
1976 අංක 27 දරන පනතින් ද 1982 අංක 52 දරන පනතින් ද 2006 අංක 35 දරන පනතින් ද සංශෝධිත 1968 අංක 15 දරන පනතේ 8 සහ 9 වගන්ති වල මෙම සංස්ථාවේ ප්‍රධාන පරමාර්ථ සහ බලතල දැක්වේ.
සංස්ථාවේ පරමාර්ථ
1. පනතේ 2,2ආ සහ 4 අ වගන්ති යටතේ නියොගයකින් ප්‍රකාශයට පත් කර ඇති හැම ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ හැම ඉඩමක් ම ගොඩකොට වර්ධනය කොට ඒවා ගොඩනැගිලි කාර්මික වාණිජ හෝ කෘෂිකාර්මික කටයුතු සඳහා යෝග්‍ය තත්ත්වයට පත් කිරීම.
2. පනතේ විධිවිධාන යටතේ සංස්ථාවට පවරා ඇති ඉඩම්වල භාරකාරත්වය කළමනාකරණය සහ පාලනය එම ඉඩම් ගොඩකිරීමට හා සංවර්ධනය කිරීමට යටත් ව, භාරව සිටීම.
3. පනතේ 2අ සහ 2ආ වගන්ති යටතේ නිකුත් කෙරෙන නියෝගයකින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉදිකිරීම් කටයුතු සහ උපදේශන පැවරුම් කාර්ය ආරම්භ කිරීම.
4. ඇලවල් පිළිබද භාරකාරත්වය කළමනාකරණය වැඩිදියුණු කිරීම, නඩත්තු කිරීම සහ පාලනය භාරව සිටීම සහ ඇලමාර්ග දූෂණයෙන් වළක්වා ගැනීම.
සංස්ථාවේ බලතල
1. ඕනෑම දේපලක් අත්කර ගැනීම ඕනෑම දේපලක් බදු පිට තබා ගැනීම හෝ බදු ගැනීම, ඕනෑම දේපලක් උකස් කිරීම, ඔඩපනය කිරීම, විකිණීම හෝ වෙනස් ආකාරයකින් බැහැර කිරීම.
2. 2 වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරන ලද ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රදේශවල සංවර්ධන යෝජනා ක්‍රම පිළියෙළ කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කිරීම.
3. එම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ කිසියම් යෝජනා ක්‍රම සකස් කිරීම හො ක්‍රියාත්මක කිරීම.
4. වරායවල් සහ නැංගුරම් ස්ථාන ඉදි කිරීම සහ එම ප්‍රදේශවල වාරිමාර්ග මුහුදු සකස් කිරීම සහ වෙරළ සංවර්ධනය.
5. එම ප්‍රදේශවල මහජන සේවා සැලසීම සඳුහා පහත සඳහන් දේවල් ඇතුළු ඉදිකිරීම් කටයුතු කරවීම.
i. මතුපිට ජලාපවහනය.
ii. පල්දෝරු ක්‍රමය සහ පල්දෝරු අපවහනය.
iii. ජල සැපයුම
7. ගොඩලැගිලි වැඩ, ඉංජිනේරු වැඩ සහ ඉදිකිරීම් වැඩ ඇතුළු එම ගොඩනැගිලි, ඉංජිනේරු සහ ඉදිකිරීම් වැඩ ඇතුලු එම වැඩ සඳුහා අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදුනය කරවීම.
8. ඉංජිනේරු සහ තාක්ෂණික කරුණු පිළිබඳු අවවාද සහ උපදෙස් සැපයීම.
9. රජය අනුමත කරන පරිදි ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳුහා ඕනෑම පුද්ගලයකු සමඟ ඕනෑම ගිවිසුමකට එළඹීම.
2006 අංක 35 දරන පනත යටතේ ප්‍රධාන පනතට කර ඇති සංශෝධන
1. ඇල මාර්ගවල භාරකාරත්වය කළමනාකරණය වැඩිදියුණු කිරීම, නඩත්තුව සහ පාලනය සහ ඇල මාර්ග දූෂණය වීමෙන් වළක්වා ගැනීම.
2. පනතේ 2 සහ 2ආ වගන්ති යටතේ ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ඕනෑම ඉඩම් ප්‍රදේශයක් සංස්ථාවේ ලිඛිත අවසරය නොමැතිව පිරවීම හෝ සංවර්ධනය කිරීම තහනම් බව ද
3. 2 වගන්තිය යටතේ ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ප්‍රදේශයක් හැර වෙනත් ප්‍රදේශයක් පහත් වගුරු බිමක්, මුඩු බිමක් හෝ මඩ වගුරු ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම.
4. ඇල ඉවුරක තිබෙන කිසියම් බිම් ප්‍රදේශයක් රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කොට සංස්ථාවේ ලිඛිත අවසරයක් නොමැතිව එම ප්‍රදේශයෙහි ගොඩනැගිලි හෝ ඉදිකිරීම් තැනීම තහනම් කිරීම.
බල ගැන්වීම්
1. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉඩම් අත්කර ගැනීමට ගොඩ කිරීමට සහ සංවර්ධනය කිරීමට සහ එහි විවිධකාර්යයන් කරවීමට පාර්ලිමේන්තු පනතකින් සංස්ථාවට බලය පවරා තිබීම.
2. ඉඩම් සංවර්ධනය , වැසි ජලය බැහැර කිරීමට සැලසුම් කිරීම, සිවිල් ඉංජිනේරු ඉදි කිරීම්, අභ්‍යන්තර කැණීම්, පෙර සවි වැඩ සහ පාරිසරික අධ්‍යයන යන මේවා සඳුහා විශේෂඥ දැනුම සහ යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම.
3. සීමාරහිත වටිනාකම් සහිත ඉදිකිරීම්වල නිරත වීමට සංස්ථාවට හැකි වන පරිදි ICTAD-ML ලියාපදිංචි ලබාගැනීම, පනතට යෝජනා කර ඇති සංශෝධනය අනුව, අනවසර ඉඩම් ගොඩ කිරීමට විරුද්ධවත් ජලාශ දූෂණය කිරීමට විරුද්ධවත් නීතිමය පියවර ගැනීමේ බලය සංස්ථාවට තිබේ
4. පනත මගින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශවල සහ ඇලමාර්ග රක්ෂිතවල කෙරෙන අනවසර ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධනය කිරීම් වලට විරුද්ධ ව නීති මගින් ක්‍රියා කිරීමේ හැකියාව
අවස්ථා
1. ගොඩනැගිලි ඉදිකළ හැකි ඉඩම් සඳහා විවිධ පුද්ගලයන්ගෙන් ලැබෙන ඉල්ලුම වැඩිවීම.
2. ජලාශ තුළ සහ ඒ අවට විනෝද පහසුකම් සඳහා ඉල්ලුම පැන නැගීම.
3. සංස්ථාවේ ඒකාධිකාරයක් වන රට තුළ කැණිම් සඳහා ඉල්ලුම වැඩිවීම.
4. ගංගාවලින් වැලි ගොඩ දැමීම නිසා සිදුවන පාරිසරික උපද්‍රව වළක්වා ගැනීම සඳහා ඈත මුහුදෙන් වැලි ගොඩ දමා ගොඩනැගිලි කර්මාන්තයට මුහුදු වැලි සැපයීම.
5. මුහුදු ගොඩ කිරීමෙන් ඉඩම් බිහිකිරීම
6. ගොඩනැගිලි කර්මාන්තයෙහි පෙර සවි ද්‍රව්‍ය සඳුහා ඉල්ලුම ඇතිවීම.
7. රාජ්‍ය අංශය සමඟ ශක්තිමත් සම්බන්ධතා ඇති කර ගැනීම.