Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව අපගේ විස්තර
ඉතිහාසය

1968 අංක 15 දනර කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය පිහිටුවන ලද්දේ පරමාර්ථ දෙකක් සහිතව ය.

  1. 1968 අංක 15 දරන පනතේ 2 වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කර ඇති
    වගුරුබිම් සහ පහත් බිම් ප්‍රදේශ ගොඩ කර සංවර්ධනය කිරීම.
  2. එසේ පැවරුණු ඉඩම්වල සුරක්ෂිත භාරය, කළමනාකරණය සහ පාලනය.

එහෙයින් ගොඩ කරන ලද ඉඩම් විකිණීමේ බලය ද ලබා දී ආයතනය ශක්තිමත් කරමින් මෙම පනත 1976 අංක 27 දරන පනතින් සංශෝධනය කරන ලදී. ආරම්භයේ සිටම කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටපතට ද ව්‍යාප්ත කොට සැලසුම් සහිත ඉඩම් ගොඩකිරීමේ ප්‍රතිලාභ සමස්ත දිවයිනටම ව්‍යාප්ත කරන ලදී.

1968 අංක 15 දනර කොළඹ දිස්ත්‍රික්කයේ (පහත් ඉඩම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත සංශෝධනය කළ 1982 අංක 52 දනර සංශෝධන පනතින් මෙම සංවිධානය “ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව” යනුවෙන් නැවත නම් කරන ලදී.

පනතට මෑතදී සිදු කරන ලද සංශෝධනය ඇතුළත් 2006 අංක 35 දරන පනතින් අනවසරයෙන් කෙරෙන ඉඩම් ගොඩකිරීම් කටයුතුවලට සහ ජලය දූෂණය කිරීමට එරෙහිව ‍නෛතික පියවර ගත හැකිය. මෙම දණ්ඩනීය විධිවිධාන 20C 22A වගන්තිවල ඇතුළත් වේ.
1976 අංක 27 දනර පනතින් ද 1982 අංක 52 දනර පනතින් 2006 අංක 35 දරන පනතින් ද සංශෝධිත 1968 අංක 15 දනර පනතේ 8 සහ 9 වගන්තිවල මෙම සංස්ථාවේ ප්‍රධාන පරමාර්ථ සහ බලතල ඇතුළත් වේ.


අවසන් යාවත්කාලීන කිරීම 2016 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 09:00