Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව සේවාවන්
ඉදිකිරීම (C1 වර්ගය)

සංස්ථාවේ ඉදිකිරීම් අංශය, රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද, සියලුම සිවිල් ඉංජිනේරුමය ඉදි කිරීම් කටයුතු සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු භාරගනී. ඉදිකිරීම් අංශය භාර ගන්නා සෑම ඉදිකිරීම් ව්‍යාපෘතියක්ම වරලත් ඉංජිනේරුවරියක වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉදිකිරීම්) ගේ විෂය පථය යටතට අයත්වේ. විශාල පරිමාණ ව්‍යාපෘති සියල්ල ක්‍රියාත්මක කරනු ලබන්නේ පළපුරුදු වරලත් ඉංජිනේරුවරුන් විසිනි. සෙසු ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන් හෝ ඉංජිනේරු සහායකවරුන් විසින්, කාර්මික නිලධාරීන්ගේ ද සහාය ලබා ගනිමින්ය .

ඉදිකිරීම් අංශය විසින් ගොඩනැගිලි, මාර්ග, පාලම්, බොක්කු, පස ආරක්ෂා කිරීමේ ව්‍යූහ, වරායවල සහ නැංගුරම් ආදිය ඉදිකිරීම ද මතුපිට ජලාපවහන කටයුතු සහ මලාපවහන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියකි.

ගොඩනැගිලි ඉඳිකිරීම හා සිවිල් ඉංජිනේරුමය කටයුතු ,ඉඩම් සංවර්ධනය කිරීම්, ජලාපවහන කටයුතුවලට අදාල කාර්යයන් සඳහා 
ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය මගින් ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ISO 9001:2008/SLS
ISO 9001:2008 පිරිනමන ලදී. එම සහතිකය 2014.04.05 දින දක්වා වලංගු වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2015 මැයි 14 වෙනි බ්‍රහස්පතින්දා, 16:22