Sri Lanka Land Reclamation and Development Corporation

English (United Kingdom)Tamil (Sri Lanka)
    මුල් පිටුව
නිතර අසන පැන

ඔබ වෙසෙන මහ කොළඹ ප්‍රදේශය “තෙත් කලාපයක් ලෙස හඳුනා ගෙන ඇත. එහි වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2396 කි. එහෙයින් නිතර වැසි ලැබේ. ඒ නිසා ඇලවල් සහ වගුරුබිම් වැසි ජලයෙන් පිරේ. මුහුදට වතුර ගලා යන ස්ථාන ඇත්තේ දෙකක් පමණි. (වැල්ලවත්ත සහ දෙහිවල) කැළණි ගඟට වතුර ගලා යන තැනක් නාගලහම් වීදියේ තිබේ. මහ කොළඹ ප්‍රදේශයේ වතු පිටකළ යුතුව ඇත්තේ මේ තැන්වලිනි. මහ කොළඹ ගංවතුර පාලනය සහ පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ‍මහ කොළඹ ප්‍රදේශයේ ඇල පද්ධතිය වැඩි දියුණු කර ඇති නමුත් ජලය රඳා සිටින ප්‍රදේශ සැලසුම් රහිතව අනවසරයෙන් පුරවා ඇති බැවින් එය ඔබේ ප්‍රදේශයේ ගංවතුර හට ගැනීමට හේතු වී තිබේ. මහ කොළඹ ප්‍රදේශයේ ජලය පිට කෙරෙන ස්ථාන සහ ඇල පද්ධතිය වර්ෂය පුරා නියමාකාරයේන් ක්‍රියාත්මක වන බවට සංස්ථාව වග බලාගනී. මෙය ගංවතුර අඩුවීමට හේතු වනු ඇත.

(ප්ලෑනේ සඳහන් පරිදි) මෙම සංස්ථාවෙන් නඩත්තු කෙරෙන ප්‍රධාන ඇලක් හෝ සුලු ඇලක් නම් අප වෙත දන්වන්න. එසේ නොවන අවස්ථාවලදී ප්‍රාදේශීය බල මණ්ඩලයට දන්වන්න.

අයදුම්පතක් ප්‍ර‍ාදේශීය බල මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්න්. ඇලේ මෙහෙයුම් කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා වෙන් කර තිබිය යුතු අවම දුර ප්‍රමාණය ඔවුන් මෙම සංස්ථාවෙන් විමසා ඉදිකිරීම් නොකොට හිස් වී තැබිය යුතු බිම් ප්‍රමාණය කොපමණ දැයි ඔබ වෙත දන්වනු ඇත.

වෙබ් පිටුවේ සඳහන් වන ඇලක් නම් මෙම සංස්ථාවට හෝ ප්‍රාදේශීය බල මණ්ඩලයට දන්වන්න.